මගේ අත්දැකීමක්
- Sujani ekanayeka

- May 12, 2020
- 9 min read
මගේ තාත්ත රජයේ සේවකයෙක්. මට හිටියෙ අයිය කෙනෙක් විතරයි. අපි එතරම් සල්ලිකාරයො නෙමෙයි. අම්මට පවුලෙන් ලැබුන පර්චස් 20ක තරමෙ ඉඩමෙ තාත්ත ඒ කාලෙ බාගෙට හදපු ගෙදරක තමයි අපි හැදුනෙ. අයිය ඉගෙනීමට දක්ෂ වුනත් මට එතරම් ඕනකමක් තිබුනෙ නෑ ඉගෙනගන්න. අයිය මට වඩා අවුරුදු 8ක් වැඩිමල්. ඒ නිසාම එයාගෙන් මට පාඩම් ගැන නිතර බැනුම් අහන්න වෙනවා. මොකද මම පාඩමට හොර නිසා. මම පාසැලේ 8 පංතියෙදි අයිය කැම්පස් එකේ ඉංජිනේරු දෙවන වසරෙදි තමයි අපේ තාත්ත නැතිවුනේ. අපිට වෙන ආදයම් මාර්ගයක් තිබුනෙ නෑ. තාත්තගෙ පඩියෙන් තමයි හැම දෙයක්ම අඩුපාඩු සහිතව කරගත්තෙ.
තාත්ත නැතිවුනාට පස්සෙ අපිට මුදල් ප්‍රශ්න එන්න ගත්ත. ඒනිසා අපිව ජීවත් කරවන්න අයියට කැම්පස් ගමන අත්හැරල රැකියාවකට යන්න වුනා. දක්ෂ ලෙස ඉගෙන ගනිමින් සිටි අයියගෙ ඉගෙනීම නතරවීම අපිට මහත් සිත්වේදනාවක් වුනා. අයියට කුකුලේගග ව්‍යාපාරෙ සහකාර සිවිල් ඉංජිනේරු තනතුරක් ලැබුන. ඒ වෙලාවෙ අයිය මාව ගෙන්වල කිව්ව "නංගි, මම රස්සාවකට ගියත් මට යන්න බැරිවුන තැනට මම නංගිව ගේනව. ඒනිසා මම ගෙදර නොසිටියත් ඔයා උනන්දුවෙන් ඉගෙනගෙන ඉහලටම යන්න ඕනෙ" කියල කිව්ව. ඒ කතාවත් අයියගෙ අපි වෙනුවෙන් කල කැපවීමත් මට තදබල ලෙස වැදුන. අපේ ගෙට අල්ලපු ගෙදර ඇන්ටිගෙ යාලුවෙක් තමයි දේවිබාලිකාවෙ ප්‍රින්සිපල්. මම එවකට ගියේ කොට්ටාවෙ ධර්මපාලෙට. ඒ ඇන්ටි මාව දේවි එකට දාල දුන්න. මමත් ඒ හැම දෙයක්ම හිතට අරන් උනන්දුවෙන් කැපවෙලා ඉගෙනගත්ත. මම OL කරන කාලෙ වෙනකොට තාත්තගෙ පෙන්ෂන් එකත් ලැබෙනව. අයියගෙ වයසත් යන නිසා අපි අයියට විවාහ වෙන්න කියල යෝජනාවක් ගෙනාව. ඒ අනුව අයිය බුලත්සිංහල පැත්තෙන් අක්ක කෙනෙක් විවාහ කරගත්ත. ඒ අක්ක දුප්පත් වුනාට ගොඩක් කරුනාවන්තයි. හරි ලස්සනයි. සුදුයි. මමත් අයියත් කලුයි. එයා අපේ ගෙදරට ආපු දා ඉදන් ගේත් එක්කම එළිය වැටුන. එයා මට ගොඩක් උදව්කලා. මගේ ඇදුම් පවා සෝදල අයන් කරල තියනව පහුවදාට අදින්න. ඒ කාලෙ අපිට වොෂින් මැෂින් තිබුනෙ නෑ. අල්ලපු ගෙදර ලිදෙන් තමයි වතුර ගන්නෙත්.
මම ප්‍රථම වතාවෙන්ම AL පාස් වෙලා Computer Science කලා. ඔය කාලෙ ගොඩක් පිරිමි ලමයි මාත් එක්ක යාලුවෙන්න ඇහුව. මගේ යාලුවො සමහරු boyfriendල එක්ක යාලු වෙලා හිටිය. එයාල කැම්පස් වත්තෙ, බස් හෝල්ට් එකේ අතින් අල්ලගෙන කතා කර කර ඉන්නව දැක්කම මටත් ආසාවන් එනව. ඒත් ඒ දේවල් ඉගෙනීමට බාදාවක් වෙයි කියල මම ඒ ගැන හිතන්න ගියෙ නෑ. මම ගොඩක් වගකීම් හිතේ දරාගෙන ඉගෙනීමට පමනක් හිත යොමු කලා. කැම්පස් එකේදිත් කීප දෙනෙක්ම යාලුවෙන්න ඇහව. ඒ හැමෝටම මම කැමති නෑ කිව්වට එක්කෙනෙක්ට මම කිව්වෙ මට ඉගෙනගන්න ඕන. දැන්ම ඕව පටන් ගන්න බෑ කියල. එයා මට අනිත් අයට වඩා වෙනස් විදියකට පෙනුනෙ. ඒ බෝයි සුදුයි කඩවසම්. සල්ලි යමක් තියෙන කෙනෙක්. එයා කැම්පස් ආවෙත් කාර් එකේ. තව කෙල්ලො කීප දෙනෙක් එයා එක්ක යාලුවෙන්න ආවට එයා කැමති වුනේ නෑ. කොහොම හරි අවසාන වසරෙදිත් එයා ආපහු ඇහුව. ඒ වෙලාවෙ මම කිව්ව ගෙදරින් අහල කියන්නම් කියල. මම අක්කිට කිව්ව අයියගෙන් අහන්න කියල. මම අක්කි කියන්නෙ මගේ අයියගෙ wife ට. මොකද ඒ වෙනකොට මට අක්කි කිට්ටුයි අයියට වඩා. පස්සෙ අයිය මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඉන් මාස කීපයකට පස්සෙ කැම්පස් එකේ වෙසක් භක්ති ගීත ප්‍රසංගයක් තිබ්බ. අපි දෙන්නම හිටිය ඒකට. ඒකෙ පුහුණුව ඉවරවෙනකොට රෑ 8 විතර වෙනව. එයා මාව ඒ හැම දිනකම එයාගෙ කාර් එකෙන් ගෙදරටම ගෙනත් බස්සනව. ඒ වෙනකම් එයා මගේ අතින්වත් අල්ලල නෑ. ඒ රෑ වෙලා එන හැම දිනකම එනකොට මම හිතා ගන්නව අද නම් මම එයාගෙ අතින් අල්ලනව කියල. ඒත් ඒක කෙරුනෙ නෑ. කොහොම හරි ප්‍රසංගය දවසත් ආව. එදා ඉවරවෙන්න රෑ 10ය විතර වුනා. එදා මම දැක්ක සමහර අය අදුරු තැන්වල අත් අල්ලගෙන කතා කර කර ඉන්නව. සමහරු කිස් කරනවත් දැක්ක. මටත් ඒව දැකල ගොඩක් ආස හිතුන සුරේන්ව කිස් කරන්න.
ඒත් එහෙම කරන්න වුනේ නෑ. අන්තිමට අපි ගෙදර එන්න ආව. අද නම් කොහොම හරි සුරේන්ව කිස් කරනවමයි කියල හිත හිත ආවෙ. කාර් එකෙන් බහිනකොට ගෙවල් ලග කවුරුත් නෑ නෙ. ඒ වෙලාවෙ මම එයාව බදාගන්නව කොහොම හරි කියල හිත දැඩි කරගෙන ආව. කාර් එකත් නැවැත්තුව. මමත් බැස්ස. ඒත් මම හිතපු දේ කරන්න වුනේ නෑ. අපේ ගෙදර ඉස්සරහ පරන කඩ කෑල්ලක් තිබුන. ඒ බිත්තියයි ඇන්ටිලගෙ ගේ බිත්තියයි අතරින් තමයි අපේ ගෙදරට යන්න තියෙන්නෙ මහපාරෙ ඉදන්. ඒ හරිය කලුවරයි. සුරේනුත් බැහැල ඇහුව කලුවරයි නේද ගේට්ටුව ලගට බස්සන්න ඉන්න මමත් එන්නම් කියල එයත් ආව. දෙබිත්තිය මැද්දෙන් යනකොට මගේ ඇග ගැහෙනව වගේ දැනුන. මම නැවතිල සුරේන්ගෙ අතක් අල්ලනවත් එක්කම එයා මාව බදාගෙන ඉබින්න ගත්ත. මමත් එයාගෙ ඇගට තදවෙලා එයාව කිස් කලා. සුරේන්ගෙ එක කෙලින් වෙලා මගේ යටිබඩට තදවෙලා. සුරේන් මාව පිස්සුවෙන් වාගේ කිස් කලා. මම තවත් එයාට තුරුල් වෙලා මගේ පපුව එයාගෙ පපුවට තදකරගෙන ඒ පහස ලැබුව. මාවත් පිරිිමි ලමයෙක් කිස් කල පලමු අවස්තාව. කවදාවත් නොලබපු ඒ සතුට මට අදටත් අමතක වෙන්නෙ නෑ. මට දැනුන මගේ අතන සීතල වෙලා වගේ. අපි කොච්චර වෙලා කිස් කලාද මතක නෑ. මට ඒ මගේ යටිබඩේ තදවෙන එයාගෙ එක අතගාන්න ආස හිතුන. එයත් මගේ පියුරු අතගාන්න ආවෙත් නෑ. ඒ නිසා මගේ ඒ ආසාව යටපත් කරගත්ත. අපි එහෙම ඉදල වෙන්වුනේ පහුවදා නිවාඩු වුනත් කැම්පස් එකේදි හමුවෙන බලාපොරොත්තුව ඇතුව. මම ගෙදර යනකොට මට දැනුන මගේ කලව අතර මොනවද ලිසසන වගේ දෙයක් ගෑවිලා තියෙනව. මට තේරුමක් වුනේ නෑ ඒ මොනවද කියල. සුදු සාරියක් ඇදන් හිටපු නිසා බලන්නත් බෑ. මම නිකම් අතගාල බැලුවම එතන සීතලට දැනුන. අක්කි මම එනකම් ඇහැරගෙන හිටිය. මම කාමරයට ගියාම අක්කිත් ආව සාරිය ගලවන්න උදව්කරන්න. මම යනකොට සාරිය ඇන්දෙව්වෙත් අක්කි. සාරිය ගැලෙව්වම යටසායෙ ඉස්සරහම ලොකු තෙත පැල්ලමක් තිබුන. අක්කිත් දැක්ක ඒක මගේ හිතේ. සුරේන් එක්ක නේද ආවෙ කියල අමුත්තක් නතුව වගේ ඇහුවට ඒ කටහඩේ මට අමුත්තක් දැනුන. මමත් ලැජ්ජාවෙන් වගේ ඔලුව වැනුව. අක්කි සාරිය නවල තියන ගමන් ඔය ඇදුම් මේ බක්කියට දාල වොෂ් දාගෙන එන්න මම කෑම බෙදන්නම් කියල එයා ගියා. මම එහෙම්ම තුවායත් අරන් ලිද ලගට ගියා. යටසාය ගලවනකොට දැක්කෙ මගේ පෑන්ටිය හොදටම තෙත් වෙලා. ඒ ජූස් කලව දෙක දිගේ බේරිල ඇවිත්. මීට කලින් සමහර දිනවල රෑට ඒ වගේ ලිසසන සුලු දියරයක් ඇවිත් තියෙනව. ඒත් මෙච්ච්ර ප්‍රමානයක් මේ ආවමයි.
එදා රෑ කෑම කන වෙලාවෙදිත් මගේ ඇගට අරිම අමුත්තක් දැනුන. කන්නත් බෑ වගේ. කොහොමහරි අම්මටයි අක්කිටයි හොරෙන් ඉතුරු කෑමටික විසිකරල පිගාන හෝදල ආව. එදා ඒ වෙනකොටත් ගොඩක් රෑ වෙලා නිසා අපි නිදාගන්න ගියා. අක්කි දුවත් එක්ක එයාලගෙ කාමරේ. අයිය හිටියෙ නෑ ගෙදර ඒ දවස්වල. මම අම්මත් එක්ක අනිත් කාමරේ. කාමර දෙකයි අපේ ගෙදර තියෙන්නෙ. සාලෙ බාගෙට හදල තියෙන්නෙ. දැන් ඒක ගරා වැටිල වගේ. මම නිදා ගන්න ගියත් මගේ හිත සුරේන් ලග. හෙට එන්න කිව්වෙ ඇයි, හෙටත් එයා මාව කිස් කරයිද. මම දැකල තියෙනව කැම්පස් එකෙත් කොන් වල සමහරු කිස් කරනව. එත් අපි රෑ කිස් කල විදියට එහෙ කිස් කරන්න බෑ. මගේ හිත අවුල් ජාලයක් වෙලා. එයා එන්න කිව්වෙ වෙන දේකටද දන්නෙත් නෑ. මම මේ පිස්සු විකාර හිතෙන් මවනව. මම මටම බැන ගත්ත. කොහොම හරි මට නින්ද යනකොට ගොඩක් රෑ වෙලා.
පහුවදා මම උදෙන්ම නැගිටල වොෂ් දාගන්න යන ගමන් අක්කිට කිව්ව මම උදේ කැම්පස් යනව. අපිට එන්න කියල තියෙනව කියල.
මම යනකොටත් සුරේන් ඇවිත් හිටිය. මම ආපු ගමන් මගේ නළලට කිස් එකක් දීල ඇහුව මොකද දැන් අපි කරන්නෙ. කොහෙද යන්න ඕන කියල. මම කිව්ව මම දන්නෑ ඔයා කැමති තැනකට යමු කියල. අපිට ඊයෙ වගේ හොදට කිස්කරන්න පුලුවන් තැනකට යමු කියන්න මට ඕන වුනත් මම මුකුත් කිව්වෙ නෑ. එතකොට එයා කිව්ව එහෙනම් අපි යමු අපේ ගෙදර. අම්ම කිව්ව ඔයාව බලන්න ආසයි කියල. මම දැනගත්ත මගේ මනස් විකාර සිදුවෙන්නෙ නෑ කියල. මගේ හිත පොඩ්ඩක් අමනාපෙන් වගේ. පස්සෙ අපි එයාලගේ ගෙදර ගියා. අම්ම විතරයි එයාගෙ ලංකාවෙ ඉන්නෙ. අනික් අය ඔක්කොම ඉන්නෙ ඇමරිකාවෙ. එයාගෙ අම්මත් ගොඩක් හොදයි. මාව හරි ආදරෙන් පිලිගත්ත. මම පිංතූර වලින් දැක්කට අද තමයි මම දුවව හරියට දැක්කෙ. මම දන්නව, ඔයා ගැන හැම දෙයක්ම මට සුරේන් කිව්ව. එයා බුද්ධිමත්. එයාගෙ තේරීමහරි කියල දැන් මට තේරෙනව කියල කිව්ව. මගෙන් අයියල, අම්ම ගැන එහෙම ගොඩක් දේවල් ඇහුව. අන්තිමට අපි දවල්ටත් එහෙන් කාල දෙන්නම අපේ ගෙදර ආව. ඒ ආපු වෙලාවෙ තමයි සුරේන් අපේ ගේ දැක්කෙ. එයාල ඉන්න ගේයි මේ ගේයි අහසට පොළව වගේ. එදා ඒ විදියට තමයි ගතවුනේ. ඔහොම කාලයක් ගියා. අපේ ආදරය තව තවත් දලුලන්න ගත්තා. අපේ exam ලංවුනාම අපි අපේ ගෙදර එකට පාඩම් කලා රෑ තිස්සෙත්. ඒ අතර ටිකක් කිස් කරනව ඇරුනම වෙන මුකුත් කරන්න ගියෙ නෑ. අක්කි වරින් වර නැගිටල අපිට තේ, කෝපි එහෙමත් හදල දුන්නා. Exam ඉවරවුන ගමන්ම අපි දෙන්නට ජොබ් දෙකක් ලැබුන company දෙකක. මට ඒකෙන් 55ක් ලැබුන. එයාට 65 ක් ලැබුන. එයාම කිව්ව අපි loan එකක් දාල දැන්ම ගේ හදන්න ගමු කියල. මමත් එකග වුනා. අපි ගේ තට්ටු දෙකට design කලා එක ගේකට කාමර තුනක් හිටින්න. අපි දෙන්නම joint account එකක් දාල personal loan එකක් දැම්ම ලක්ෂ 150 කට. ඒකට අපේ අම්මගෙ නමට තිබුන ඉඩම මගේ නමට හරවල ඒක බැංකුවෙ තියන්න ඕන වුනා. මගේ වැටුපෙන් 40ක් එයාගෙන් 60 ක් මාසෙකට කැපෙන්න අපි loan එක අරන් ගේ හදන්න ගත්ත. ඒ කාලෙ තුල අපි ඒ කිට්ටුවම වෙන ගේක හිටිය අපේ පරන ගේ කඩන්න වුන නිසා.
සුරේන් මට ගොඩක් ආදරේ කලා. මගේ හැමදෙයක්ම හොයල බැලුව. මට ඇදුම් පවා අරන් දුන්න. පෝන් එකත් සිම් එකක් එක්ක අරන් දුන්නෙ එයා. අපි ගොඩක් අනාගතය ගැන සැලසුම් කලා.
ඔහොම ඉදිද්දී දවසක් සුරේන් මට film එකක් බලන්න යන්න කතා කලා. මමත් කැමති වුනා. අපි දෙන්නටම සෙනසුරාදා ඉරිදා නිවාඩු. ඒත් අපි දෙන්න එදාට පහුවෙනිද නිවාඩුදාල යන්න තීරනේ කලා. පහුවදා අපි හමුවෙනකොටත් වෙලාව දහයට කිට්ටුයි. අපි කොල්ලුපිටිය පැත්තෙ film හෝල් එකකට ගියා. Film එක පටන් ගන්න කිට්ටු වෙලා තිබුනත් වැඩියෙ සෙනගක් නෑ හිටියෙ. අපි බැල්කනි එකේ පස්සෙම මැද හරියෙ හිටියෙ. අපිට ටිකක් එහායින් තව කපල්ස් තුනක් විතර තැන් නැන්වල හිටිය,,,,
මට කියල තියෙනව සමහර මගේ යාලුවො එයාලගෙ boyfriendල එක්ක film බලන්න ගිහින් කරල තියෙන ඒව. සමහර ඒව මම අහගෙන හිටියට පිලිගත්තෙ නෑ එතන ඒවගේ දේවලුත් කරන්න පුලුවන් කියල. කොහොම හරි හෝල් එක අදුරු වෙන්නත් කලින් සුරේන් මගේ බෙල්ල වටේ අතක් යවල මාව කිස් කලා. ඒ Film එක මොකක්ද කියල දන්නෙ නෑ. English එකක්. මම jeans and blouse ඇදන් හිටියෙ. එයා මගේ blouse එකේ බොත්තම් ගලවල ඒ අස්සෙන් අත දාල මාගේ පපුව පිරිමැද්දා. මගේ ඇග සීතල වෙලා ගියා. මම එයාගෙ තොල් කිස් කරන ගමන් එයා මගේ Bra එකෙන් එක පියයුරක් එලියට ගත්ත. එයා ඒ එක්කම නිපල්ස් පිරිමදින කොට මට ආසාවෙ ඉන්නම බැරි වුනා. මට තේරුනා මගේ ඇග පාවෙනව වගේ. එයා මගේ මූනෙන් එයාගෙ මූන අරන් මගේ පපුවෙ ඔබා ගත්ත. මට කෙදිරි ගෑවෙන්න ඇති. සුරේන් මගේ කට වහනව වගේ දැනුන. ඒ වෙලාවෙ මම එයාගෙ ඇගිලි සූප්පු කරන්න ගත්ත. ඒත් මගෙන් තව තව සද්ද පිටවුනාලු. මට තේරුමක් නෑ. පස්සෙ සුරේන් මගේ ලැම සිබින එක නවත්වල මගේ මූන කිස් කරල ඇහුව අපි රූම් එකකට යමුද කියල. මගෙත් හැගීම් ඇවිස්සිල තිබුනෙ හොදටම. මමත් හා කිව්ව. ඒ එක්කම එයා මගේ පියයූරු හදල blouse එකේ බොත්තම් ටික පියෙව්ව. මමත් කොන්ඩෙ සකසා ගෙන සුරේන් එක්ක පිටවෙලා ආව. මාව තවම අන්ද මන්ද වෙලා වගේ. සිදුවුනේ මොනවද වෙන්නෙ කියල තේරුමක් නෑ වගේ. කාර් එකේ යන ගමන් මම ඇහුව කොහෙද දැන් යන්නෙ කියල. එතකොට කිව්ව මේ ලග තානායමක් තියෙනව. ඒකෙ වෙන වෙනම cottage තියෙනව. එයින් එකකට කියල. ඒකෙ සද්ද පිටට ඇහෙන්නෙ නෑ නෙ කියල කිව්ව. මම ඇහුව ඇයි අරහෙදි මම කෑගැහුවද කියල. එතකොට කිව්ව ඔව් ටිකක් සද්ද ගියා කියල. ඔයාගෙ boobs ගොඩක් sensitive නේද කියල. මම කිව්ව මන් දන්නෙ නෑ ඒ වෙලාවෙ මට මොනවද වෙලා වගේ දැනුන කියල. එහෙම කියල එයා කාර් එක ලොකු වත්තකට දැම්ම. ඒකෙ එක තැනක නවත්වල එයා ඇතුලට ගියා. ඒකෙ office එක වෙන්න ඇති. මම කාර් එකේම හිටිය. ඉන්න ගමන් මට එක එක ඒව කල්පනා වෙන්න ගත්ත. එයා මගේ පපුව අතගාපු විදිය, මටත් දැන් කාමරේට ගියාම ඊටත් වඩා දේවල් කරන්න පුලුවන් නෙ කියල හිතුනා. මට එක එක සිහින හිතෙන්න ගත්ත. ටිකකින් එයා ආව. තව කෙනෙක් මෝටර්සයිකලයකින් ඉස්සරහින් ගිහින් පොඩි ගෙයක් ලග නැවැත්තුව. සුරේන් අපේ කාර් එක ඒකෙ ගරාජ් එකට දාල මට ඔහොම්ම ඉන්න ටිකක් කියල බැහැල ගියා. අර ආපු කෙනා නැවත ගියාට පස්සෙ සුරේන් මාව ගෙට එක්ක ගියා. ඒකෙ bed room එකට ගියාම කිව්ව ඔයාගෙ trouser එක ගලවල මෙතනින් දාල තියන්න වේලෙන්න කියල. එතකොටයි මම දැක්කෙ මගේ කලිසමේ තෙත පැල්ලමක් වැටිල. සුදු හින්ද ඒක කැපිල පේනව. මට ගොඩක් ලැජ්ජාවක් ආව. මම කිව්ව මට තේරුනේ නෑ නෙ මේ වෙනකම් කියල. එතකොට කිව්ව නෑ මම කියන්න ගියෙ නෑ. එහෙම කිව්වනම් ඔයාට අප්සෙට් නෙ. කවුරුත් දැක්කෙ නෑ ඒක කියල මේක ගලවල මෙතනින් දාල තිබ්බම වේලෙයි කියල එයා මගේ ඉස්සරහින් දණගහල බෙල්ට් එක ගැලෙව්ව. මම ගල්ගැහිල වගේ බලන් හිටිය. එයා trouser buttons ගලවල එක පාත් කරන ගමන් මගේ පෑන්ටිය දිව ගෑව. මම සුරේන්ගෙ මූන එතනට තද කරගෙන ඇදේ වැතිරුනා. මගේ පලමු climax එක ඒ වෙලාවෙදි ක්ෂනිකව මම අත් වින්ද. අපි එදා නොයෙක් විදියට සතුටු වුනා. ජීවිතය කොයි තරම් මිහිරිද, සුන්දරද කියල හිතුන. මට සුරේන් මගේ ජීවිතයේම කොටසක් වුනා. අපි ඉන් පස්සෙ ගොඩක් තැන්වල ගියා දවසක් නුවර ගිහින් රැයක් හිටිය. මම එහෙම ඉන්න අවස්තාවලදී මම ගොඩක් වෙලාවට ඉන්නෙ අවසිහියෙන්. මට වෙන දෙයක් කල්පනා වෙන්න නෑ. ඒත් සුරේන් ගොඩක් පරිස්සම් කලා මගේ කන්‍යාභාවය. මටත් වඩා පරිස්සම් කලා කිව්වොත් හරි. කාලය කෙමෙන් ගෙවිල ගියා. අපේ නව නිවසේ යට තට්ටුවෙ වැඩ ඉවර කරල අපි එහෙ පදිංචියට ගියා. එයාගෙ අම්මත් ආව එදා. අපේ ගෙට අල්ලපු ගෙදර අය තමයි අපි පිට කෙනෙක් කියල ආශ්‍රය කරන්නෙ. එයාලත් ආව. එයාලගෙ ගෙදරට ඒ කිට්ටුව ඇවිත් තිබුන ඒ අැන්ටිගෙ අක්කගෙ දුවෙක්. එ් නංගිවත් මම හරියට දැක්කෙ අපේ ගෙට ගෙවදින දවසෙ. අවසානෙ අපේ කැම්පස් ප්‍රතිපලත් ආව. අපි දෙන්නම පාස්. මට second class එකක් තිබුන. ඊට පස්සෙ තමයි මගේ ජීවිතයේ නොසිතූ විරූ දේවල් වලට මූන දෙන්න සිදුුවුනේ. අපි කොච්චර සතුටින් කිට්ටුවෙන් හිටියත් ඒ කොයි තැනකදි වත් එයා ඇමරිකා යන්න හිතන් ඉන්න බවක් මට කිව්වෙ නෑ. Exam results ආවට පස්සෙ එයා කිව්ව අපි marry කරල ඇමරිකා යමු කියල. මම කිව්ව ඇයි ඇමරිකා යන්නෙ. මෙහෙ අපිට දැන් රැකියාවත් තියෙනව. දැන් ගෙයි උඩ තට්ටුව විතරයි හදන්න තියෙන්නෙ. තව මාස තුනකින් විතර ඒකත් ඉවර වෙයි. ඉතින් අපි මෙහෙ ඉමු කියල. ඒත් එයා කිව්ව අම්ම මෙහෙ හිටියෙ මගේ degree එක ඉවර වෙනකම් තමයි. එහෙ අපි දෙන්නටම හොද ජොබ් කරන්න පුලුවන්. අපේ පවුලෙ ඔක්කොම ඉන්නෙ එහෙ. අපිත් එහෙ යමු කියල. සුරේන් දන්නව මගේ අයිය කොයිතරම් කැප කිරීමක්ද කලේ අපි වෙනුවෙන් කියල. අක්කිත් මට කොයි තරම් ආදරේද කියල. එහෙව් එකේ මම ඉගෙනගෙන මේවගේ යම් තැනකට ආපු ගමන් මම කොහොමද එයාලව දාල රට යන්නෙ. ඒත් එයා ඒක තේරුම් ගත්තෙ නෑ. එයාගෙ අම්මත් මට ගොඩක් දේවල් කිව්ව මාව එහෙ එක්ක යන්න. ඒත් ඒ එකකට වත් මගේ හිත වෙනස් වුනේ නෑ. අවසානෙ එයා ගියා මාව දාල. ඒ දවස්වලම මගේ අයිය නැතිවුනා හදිසි අනතුරකින්. ඒක එයා දන්නවද දන්නෙත් නෑ. ඒත් අයියගෙ funeral එකට වත් එයා ඇවිත් නෑ. මම අයියගෙ අනතුරෙන් පස්සෙ ටිකක් සිහි මද ගතියෙන් ඉදල තියෙන්නෙ. මට සුරේන්ගෙ වියෝවට වඩා අයිය අපිව දාල ගිය එක ගොඩක් දරා ගන්න බැරි වුනා. දවස් ගානකින් මම වැඩට ගියෙ නෑ.........
👍👍👍👍👍👍👍👍👍👍



Comments